මම බලා සිටිමි.
පාර දිගේ වැල නොකැඩී ගමන් ගන්නා වහන මගේ නෙත ගැටෙයි. ඒ අතරින් කඩ පෙලෙහි පේව්මන්ට් එකට පැමිණි කුඩා දරුවෙකි. පෙණුමෙන් වයස අවු 8 ක් පමණ බව නම් කිව හැක. වරහැලි ඇදගත් මේ කුඩා දරුවා විටෙක කඩ සාප්පුවල ඉදිරිපිට පෙණුමට තබා ඇති සෙල්ලම් බඩු දෙස බලා හිදී. තවත් විටෙක හෝටල් ඉදිරිපිට වීදුරු පෙට්ටි මත අසුරා ඇති ආහාර දෙස බලා හිදී. නෙතින් සෙල්ලම් බඩුවල සුන්දරත්වය විදින මේ කුඩා දරුවා ජීවිතේ කිසිම විටෙක සෙල්ලම් බඩු පරිහරණය කරන්නට නැතැයි මට සිතුණි. අමතක වූ දෙයක් මතක් වී කලෙක මෙන් යලිත් මේ දරුවා පියවි සිහියට එයි. පාරේ යන එන මිනිසුන්ට කථා කරයි. "මහත්තයා/නෝනා කීයක් හරි දීලා යන්න" යනුවෙන් ඉල්ලයි. මනුසත් කම සිතේ නැති සමහරෙක් බැන වදියි තවකෙක් ඔරවා බලයි. ඒ අතරින් කාරුණික සිතැත්තෙක් කීයක් හෝ දිගු කරයි. එය ලබා ගන්නා දරුවාගේ මුහුණ මහ මෙරක් ලැබුණා මෙන් පිනා යයි.